April 26, 2024

"හදපු කෙනාම විවෘත කරන්න" - හිටපු ජනපතිට, ජනපති ගෝඨාභයගෙන් ආරාධනා Featured

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය දරන කාලය තුළදී පෙළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉතා දුෂ්කර ගම්මානයක් වන බිසෝපුර, වෙඩික්කච්චි ගම්මානයේ දරුවන්ට ඉගෙනීමට හැදූ පාසල විවෘත කිරීම ජනාධිපතිවරයාගේ ගම සමග පිළිසදරක් වැඩසටහන සමග අද දින (16) දියත් කර තිබුණි.

මෙම උත්සවයට හිටපු ජනාධිපතිට සහභාගි වෙන ලෙස වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සහ සම්බන්ධීකරණ ලේකම් තුමන්ලා ඇරැයුම් කර තිබු අතර එම ආරාධනය හිටපු ජනාධිපති විසින් පිලි ගෙන තිබිණි.

‘හදපු එක්කෙනා එපාය විවෘත කරන්න. එන්න ඔබතුමා මේ විවෘත කරන්න’ යැයි ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිට ආරාධනා කළේය.

හිටපු ජනපති මෛත‍්‍රීපල සිරිසේන මහතා එය විවෘත කලේ ජනාධිපතිගේද අත්පොලසන් මැදයි.

සමාජ මාධ්‍ය මඟින්ද මෙයට ලැබුණේ ඉතා ඉහළ, ප්‍රශංසනීය ප්‍රතිචාරය.

Rate this item
(3 votes)
Last modified on Saturday, 16 January 2021 16:09