April 27, 2024

ශ්‍රී ලාංකිකයන්ට ජපානයට ඇතුළුවීම තහනම් කෙරේ

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු කලාපයේ රටවල් 11ක වැසියන්ට ජපානයට ඇතුළුවීම ඊයේ  (14) සිට තහනම් කර තිබේ.

කොවිඩ් -19 ව්‍යාප්තිය හමුවේ එරට දේශසීමා ප්‍රතිපත්තිවල වෙනසක් ඇති කරමින් මෙම තහනම පනවා ඇති බව වාර්තා වේ.

ජපානයේ ටෝකියෝ, ඕසාකා ඇතුළු නගර කිහිපයකට හදිසි තත්ත්වයන් ප්‍රකාශයට පත්කර ඇති අතර ඊයේ තවත් නගර කිහිපයක හදිසි තත්වයන් ප්‍රකාශ කෙරුණි.

ඒ අනුව ශ්‍රි ලංකාව, තායිවානය, තායිලන්තය, හොංකොං, සිංගප්පුරුව,මැලේසියාව, වියට්නාමය, දකුණු කොරියාව සහ චීනය ඇතුළු රටවල්වල ජනතාවට ද ජපානයට ඇතුළු වීම තහනම් වේ.

කෙසේවුවද ව්‍යාපාරික සංචාරකයින් සඳහා ජනවාරි 31 දක්වා එම තහනම අදාළ නොවන බව වාර්තා වේ.

ජපානයේ කොවිඩ් -19 ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 03කට පමණ ආසන්න වී ඇති අතර 4,000කට වැඩි පිරිසක් මියගොස් තිබේ.

Rate this item
(0 votes)