April 26, 2024

"ඔන්න ලොක්කා දේශනය පටන් ගත්තා - විනාඩි 45ක් වත් හිටගෙන ඉන්න වෙයි"

"ඔන්න ලොක්කා දේශනය පටන් ගත්තා. අපිටත් විනාඩි 45ක් හිටගෙන ඉන්න වෙයි." යැයි මීට ටික දිනකට පෙර සමගි ජන බලවේගය සංවිධානය කළ උද්ඝෝෂණයකට සහභාගි වූ දිලිප් වෙදආරච්චි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තමන් අසල සිටි හිතවත් මන්ත්‍රීවරයෙකුට ප්‍රකාශ කොට තිබේ.

එම මන්ත්‍රීවරයා මෙසේ ප්‍රකාශ කොට තිබෙන්නේ උද්ඝෝෂණයට අදාළ කරුණු පිළිබඳව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කිරිමට පටන් ගත් අවස්ථාවේදීය.

"ඔය කියන දෙයක් විනාඩි තුන හතරකින් කියන්න පුළුවන්" යැයි ද වෙදආරච්චි මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කොට තිබේ.

මෙම සිදුවීම සිදුව තිබෙන්නේ භාෂණයේ නිදහස සම්බන්ධයෙන් පැවති සාමකාමී උද්ඝෝෂණය අතරතුරය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 14 January 2021 12:50