May 09, 2024

එජාප උප නායක, සභාපති, මහලේකම් ධූරවලට පිරිස පත් කරයි

එක්සත් ජාතික පක්ෂයේ ඉහළ තනතුරු කිහිපයක් සඳහා නව පත්කිරීම් කිහිපයක් සිදුකර තිබේ.

ඒ අනුව, පක්ෂයේ සභාපති ලෙස වජිර අබේවර්ධන මහතා ද නව මහ ලේකම්වරයා ලෙස රංගේ බණ්ඩාර මහතාත් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් පත්කර ඇති බව වාර්තා වේ.

අකිල විරාජ් කාරියවසම් මහතා එක්සත් ජාතික පක්ෂයේ උප නායක ලෙස පත්කර තිබේ. 

Rate this item
(0 votes)