May 19, 2024

යුක්‍රේන සංචාරකයින් මහනුවර ශ්‍රී දළදා මාලිගයට පැමිනීම ගැන සංඝයා වහන්සේ නමකගේ දැඩි විරෝධය ( වීඩියෝ )

මෙරටට පැමිණි යුක්‍රේන ජාතික සංචාරකයින් පිරිසක් ඊයේ (11) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සංචාරයක නිරත වී ඇති අතර එසේ සංචාරය සදහා එක්වුයේ

දැඩි පරීක්ෂාවකින් අනතුරුව බව පැවසෙනවා .

ඒ මෙන්ම පැමිණෙන දේශීය බැතිමතුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා යුක්‍රේන සංචාරකයින් වෙනම ස්ථානයකින් ශ්‍රී දළදා මාලිගය වෙත පැමිණීමට පහසුකම් සලසා තිබූ බව දළදා මාලිගාවේ මාධ්‍ය කාර්යාංශය සඳහන් කරනවා .

කෙසේ වෙතත් සංචාරකයින්ගේ පැමිණීම සම්බන්ධයෙන් පූජ්‍ය ලේවැල්ලේ ධම්මාලංකාර හිමියන් සිය විරෝධය පල කර සිටියා .

මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ පූජ්‍ය ලේවැල්ලේ ධම්මාලංකාර හිමියන්

“මේ ලංකාවේ කට්ටිය එතකොට මේ කට්ටිය කිසිම නිරෝධායන ඇඳුමක් නැහැ. මේ වටේ ඉන්නේ අපේ රටේ අහිංසක මිනිස්සු. මේ මිනිස්සුන්ට මේ රෝගය හැඳුනොත් වගකියන්නේ කවුද ? දළඳා මාලිගාවට කැඳවන්නේ නැහැ කියලා කියපු වේලාවක් මේක. එතකොට මේ අය මල්වතු මහ විහාරයට, අස්ගිරි මහ විහාරයට සියල්ලටම බොරුකරලා මේ එක්කරන් යන්නේ. වාහනවල ඉන්න රියදුරන් ඉන්න විදිහ බලන්න. මේ අය කිව්වා ආරක්ෂක ඇඳුම් ඇඳගෙන ඉන්නේ කියලා ඒත් කිසිම දෙයක් නැහැ.”

Rate this item
(0 votes)
Last modified on Tuesday, 12 January 2021 10:39