May 17, 2024

"ඔය දෙන්නා නැතුව අනිත් කට්ටිය එවන්න" - 20ට පෙර රවුෆ්ව හා රිෂාඩ්ව අගමැති හමු වුණා (VIDEO)

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා යූටියුබ් චැනලයක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් මතභේදාත්මක කරුණු රැසක් හෙළිදරව් කර තිබේ.

පාස්කු ප්‍රහාරය ඉන්දියාවේ වැඩක් බව පෙන්වා දෙන අසාත් සාලි මහතා තවුහිත් ජමාත් සංවිධානය වත්මන් ආණ්ඩුවේ ඔත්තුකරුවෙකු බවද අනාවරණය කරයි.

එපමණක් නොව 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර ටිරාන් අලස් මහතාගේ නිවසේදී රවුෆ් හකීම් හා රිෂාඩ් බදියුදීන් යන දෙදෙනා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා හමුවූ බවත් එහිදී අග්‍රාමාත්‍යවරයා "ඔය දෙන්නා නැතුව අනිත් කට්ටිය අපේ පැත්තට එවන්න" යැයි ප්‍රකාශ කළ බවට තොරතුරු ද අසාත් සාලි මහතා හෙළිකරයි.

අමාත්‍යවරයෙකු වන විමල් වීරවංශ මුස්ලිම් ව්‍යාපාරිකකුගෙන් රුපියල් ලක්ෂයක් වටිනා දුරකථනයක්ද ලබාගත් බවට තොරතුරු ද මෙම සාකච්ඡාවේදී අසාත් සාලි මහතා හෙළි කරයි.

ගලබොඩඅත්තේ ඥානසාර හිමිගේ හොඳම මිත්‍රයා හිටපු අමාත්‍යවරයෙකු වන රවි කරුණානායක බවද සාලි මහතා අවධාරණය කරයි.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 09 January 2021 20:51