May 17, 2024

කඩා දැමූ ස්මාරකයක් නිසා යාපනය උණුසුම් වෙයි . අලුයම දක්වා විරෝධතා

යාපනය විශ්ව විද්‍යාලයේ පිහිටි මුල්ලිවයිකල් ස්මාරකය කඩා ඉවත් කොට ඇති අතර ප්‍රදේශයේ නොසන්සුන්කාරී තත්ත්වයක් වාර්තා වී ඇති බව යාපනය පදනම් කරගත් උදයන් පුවත් වෙබ් අඩවිය වාර්තා කර සිටිනවා.

මෙම ස්මාරකය ප්‍රථම වරට නිරාවරණය කරනු ලැබුවේ යුද්ධය අවසන් වී වසර 10 ක් පිරීම නිමිත්තෙන් 2019 දීය.

“අද සවස යාපනයේ විශ්ව විද්‍යාල පරිශ්‍රයට පොලීසිය ඇතුළු වී යුද්ධයේ අවසාන අදියරවල දී මියගිය අය සඳහා ඉදිකරන ලද යුද ස්මාරකය බුල්ඩෝවක් මගින් ඉවත් කර දමනු ලැබ තිබෙනවා. ඔවුන් නැවැත්වීමට උත්සාහ කළ විශ්ව විද්‍යාල සිසුන් පොලිසිය පන්නා දමා ස්මාරකය සම්පූර්ණයෙන්ම විනාශ කර දමා ඇත” යැයි යාපනයේ මාධ්‍යවේදී එස්. රුබතිසන් ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටිනවා.

වාර්තා වන අන්දමට විරෝධතාවය  මේ වන විටත් අවසන් වී  නැහැ . මෙම සතියේ ම යාපනය විශ්ව විද්‍යාල සිසුන් විරෝදත්වයක නිරත වුනේ පාලන අදිකාරිය විසින් ක්‍රියාත්මක කල දඩුවම් අසාදරණ යයි පවසමින් .

Rate this item
(0 votes)
Last modified on Saturday, 09 January 2021 06:04