May 04, 2024

ඌව තැන්නේ සුමන හිමියන්ට වගේ දුමින්ද සිල්වාටත් ජනපති සමාව දෙන්න පුළුවන් – ඇමති විමල් (VIDEO)

ඌව තැන්න සුමන හිමියන්ට ජනාධිපති සමාව දෙන්න පුළුවන් නම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමට හැකි බව අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කර සිටිනවා. කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියා.

” ඌව තැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිවුයේ උන්වහන්සේ විශාල ආයුධ තොගයක් ලබා ගැනීමේ චෝදනාව නිසයි. නමුත් දුමින්ද සිල්වාගේ නඩුවට අදාලව තීන්දුව ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමණායක ගේ බලපෑම් එල්ල වුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර ඒ වගේම එම නඩුවේ තීන්දුව සම්බන්ධයෙන් අධිකරණ විනිසුරුවරියක් සමග සිදුකළ දුරකථන සංවාදවල හඬ පට නිකුත් උනා. ඒවගෙන් තේරුම් ගන්න පුළුවන් දුමින්ද සිල්වාගේ නඩුවට බලපෑම් එල්ලවුවා කියලා. ඌව තැන්න සුමන හිමියන්ට ජනාධිපති සමාව දුන්නා වගේ දුමින්ද සිල්වාටත් සමාව ලබාදීමට හැකියි කියලා අපි කියනවා” අමාත්‍ය විමල් විරවංශ ප්‍රකාශ කර සිටිනවා.

මෙයට පෙර ජී.එල් පීරිස් මහතා ද දුමින් ද සිල්වාට සමාව දීම පිළිබඳව අදහසි පල කරේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් . එතුමා ද ප්‍රකාශ කර සිටියේ පසුගිය සමයේ දේශපාලන පලි ගැනීම් පිළිබඳ කොමිසමෙහි වාර්තාවක්     

මේ වන විට ජනාධිපතිවරයාට ලබා දී ඇති අතර ඉන් යම් කිසි ආකාරයකට අදාල නඩුව පිළිබඳව සත්‍ය කරැණු අනාවරණයෙන් පසු නඩු තීන්දුව පිළිවඳව නැවත සලකා බැලීමෙහි වරදක් නොමැති බවයි. 

Rate this item
(0 votes)