April 26, 2024

ඉන්දීය විදේශ කටයුතු ඇමති දිවයිනට

ඉන්දීය විදේශ කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා දෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණ තිබේ.

ඒ මහතා අද පස්වරු 4.20ට පමණ ඉන්දියාවට අයත් විශේෂ ගුවන් යානකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා සමග එරට විදේශ කටයුතු අමාත්‍යංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු ද මෙරට පැමිණ තිබේ.

ඔවුන් පිළිගැනීම සදහා අමාත්‍ය තාරක බාලසූරිය , ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයේ සන්ධාන නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබේ.

ඉන්දීය විදේශ කටයුතු පිළිබද අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විදේශ කටයුතු අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා ඇතුළු රජයේ උසස් රාජතාන්ත්‍රිකයින් පිරිසක් හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයක් ද පැවැත්වීමට නියමිතයි.

Rate this item
(1 Vote)