April 27, 2024

අනුෂ පැල්පිට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ වැඩ භාරගනී

අනූෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ධුරයේ අද(04) දින වැඩ භාර ගත්තේය.

අද(04) උදැසන සිය රාජකාරි ධුරය භාර ගත්තේ, ආගමික වතාවත් වලින් අනතුරුවය.

කලක් විදුලි සංදේශන නියාම කොමිසන් සභාවේ අධක්ෂ්‍ය ජනරාල් ලෙසත්, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල් ද ලෙස ද කටයුතු කළ ඒ මහතා පරිණත හා පළපුරුදු පරිපාලන නිලධාරියෙකි.

මෙම අවස්ථාවට කර්මාන්ත ඇමති විමල් වීරවංශ මහතා හා වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන මහතා, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංශ මහතා ද එක් වූහ.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 04 January 2021 16:23