April 26, 2024

යුක්රේනයෙන් සංචාරකයෝ ගේන්නේ උදයංග වීරතුංගගෙයි, ආණ්ඩුවේ ප්‍රබලයාගේ මාමගෙයි සාක්කු පුරවන්න(Video)

කොරෝනා අධි අවදානම් රටක් වන යුක්‍රේනයෙන් සංචාරකයෝ ගෙන එන්නේ උදයංග වීරතුංගගේ සහ ආණ්ඩුවේ ප්‍රබලයෙකුගේ මාමා කෙනෙකුගේ සාක්කු පිරවීමට බව ජනතා විමුක්ති පෙරමුණේ නලින්ද ජයතිස්ස මහතා චෝදනා කර සිටියි.

ඒ මහතා පෙන්වා දෙන්නේ එම සංචාරකයන් ගෙන යන බස් රථ සහ නවතින හෝටල් යනාදී සියල්ල එම හිතවත් පිරිසකට අයත් බැවින් සංචාරකයන් ගෙන්වීමෙන් ලැබෙන ආදායම පහළට ගලායාමක් සිදු නොවන බවය.

“උදයංගගේ සාක්කු පුරවන්නට අපි රටක් අවධානම දරාගත යුතුද?” යැයි ඒ මහතා ප්‍රශ්න කර සිටියි.

මෙරටට සංචාරකයන් ගෙන්වා ගැනීමේදී ඒ සඳහා පිළිපැදිය යුතු උපදෙස් අඩංගු මාර්ගෝපදේශ සංග්‍රහයද නොසලකා හරිමින් මෙම සංචාරකයන් ගෙන්වා ගැනීම සිදු කර ඇති බව ඒ මහතා පෙන්වා දෙයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 January 2021 05:03