May 06, 2024

යුක්රේනියානු සංචාරකයින් ප්‍රශ්න පිට ප්‍රශ්න ඇති කරයි - නිලධාරින් අතරත් මතභේද ( Video )

යුක්රේනයේ සිට මෙරටට පැමිණ සිටින සංචාරකයන් සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය සමග ඇති කර ගත් මුල් එකඟතා බිඳහෙළමින් ඇතැයි සතිඅන්ත සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

ඔවුන් සංචාරය කරන ඇතැම් ස්ථානයන් සම්බන්ධයෙන් සංචාරක ප්‍රවර්ධන මණ්ඩලය දැනුවත් කර නැතැයිද ඇතැයි ද එම වාර්තාවේ සඳහන් වෙයි.

මේ අතර එම සංචාරකයා යාල වනෝද්‍යානයේ සංචාරය සඳහා රැගෙන ගිය ජීප් රථ 27ක රියදුරන් නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර තිබේ.

නමුත් ජීප් රථ රියදුරන් සඳහන් කරන්නේ තමන් නිරෝදායනයට යොමු කරන්නේ යැයි බලධාරීන් කලින් දැනුවත් නොකළ නිසා එම සංචාරකයන් රැගෙන ගිය බවය.

Rate this item
(0 votes)
Last modified on Monday, 04 January 2021 05:18