May 05, 2024

ඔබේ ස්මාර්ට් දුරකථනයන් මේ වර්ගයේ නම් - 2021 ජනවාරි 01 වැනිදා සිට Whatsapp අහිමි වෙයි

December 30, 2020

ලෝකයේ පණිවිඩ හුවමාරුව සඳහා වඩාත් බහුලවම භාවිත වන සමාජ ජාල පණිවිඩ හුවමාරු මෘදුකාංගයක් වන වට්ස්ඇප් සේවා 2021 ජනවාරි 01 වැනිදා සිට සමහර අයි-ෆෝන් සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවල ක්‍රියා විරහිත වනු ඇති බවට සඳහන් වෙයි.

මෙම මෘදුකාංගයේ නවතම යාවත්කාලීන ක්‍රමවේදයන් පැරණි ඇපල් මෙහෙයුම් පද්ධතින් සහ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතීන් ඇති දුරකථන තුළ ක්‍රියාත්මක වීමට ඇති තාක්ෂණික පහසුකම් නොමැති වීම නිසා මෙලෙස එම දුරකථන තුළින් වට්ස්ඇප් මැසේජ් සේවාව ඉවත්ව යනු ඇත.

 'WhatsApp FAQ section' නම් වට්ස්ඇප් පරිශිලකයන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන සේවාව ලබාදී ඇති තොරතුරු අනුව වට්ස්ඇප් සේවාව ක්‍රියාත්මක වීමට ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් දුරකථනවල ඇන්ඩ්‍රොයිඩ් 4.0.3 මෙහෙයුම් පද්ධතිය හෝ ඊට ඉහළ මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය වන අතර, ඇපල් ස්මාර්ට් දුරකථනයන් සඳහා iOS 9 මෙහෙයුම් පද්ධතිය සහ ඊට ඉහළ මෙහෙයුම් පද්ධතියක් අවශ්‍ය වේ.

iPhone 4, iPhone 4s, iPhone 5, iPhone 5S, iPhone 6, iPhone 6S යන දුරකථනයන් සඳහා වට්ස්ඇප් මැසේජ් සේවාව අහිමි වනු ඇත.

එමෙන්ම ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත ක්‍රියාත්මක වන HTC Desire, Motorola Droid Razr, LG Optimus Black, Samsung Galaxy S2 වැනි ස්මාර්ට් දුරකථනවලටද මෙම සේවාව අහිමි වනු ඇත.

තමන්ගේ දුරකථනයට මෙම සේවාව අහිමි වනවාදැයි බැලීමට 

ඇපල් දුරකථනයක් නම් 

Setting menu > General  > About > Software යන පිළිවෙළට ඔබට වට්ස්ඇප් සේවාව ක්‍රියාත්මක වනවාදැයි බැලිය හැකිය.

ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් නම්

Setting menu > About Phone යන ආකාරයට ගොස් ඔබේ දුරකථනයේ වට්ස්ඇප් සේවාව ක්‍රියාත්මක වනවාදැයි බැලිය හැකිය.

(businessinsider.in ඇසුරිණි)

 

Rate this item
(2 votes)