May 08, 2024

කරුණාකරලා දේශපාලන න්‍යායපත්‍ර අමතක කරන්න - අපි ලෝකෙට දෙන්නේ වැරදි ආදර්ශයක්

December 26, 2020

කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මියයන පුද්ගලයන්ගේ මළසිරුරු ආදානය කිරීම හෝ භූමදානය කිරීම පවුලේ ඥාතීන්ගේ කැමැත්ත මත සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා පවසයි.

මෙම ගැටලුවේදී දේශපාලන න්‍යාපත්‍ර පසෙක තබා විද්‍යාත්මකව තීන්දු තීරණය ගත යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

මෙය බරපතල ප්‍රශ්නයක් බවට පත් කළේද ආණ්ඩුව විසින්ම බව ඔහු පවසයි.

මළසිරුරු ආදානය කිරීම මෙන්ම භූමදානය කිරීමද අනුමත කරමින් මුලින් ආණ්ඩුව ගැසට් පත්‍රයක් නිකුත් කළ බව පෙන්වා දෙන ඉමිතියාස් බාකිර් මාකර් මහතා පවසන්නේ ආණ්ඩුව නැවතත් එම තීරණය වෙනස් කරමින් ආදාහනය අනිවාර්ය කරන ගැසට් පත්‍රයක් නිකුත් කළ බවය.

ලෝකයේ රටවල් විශාල ප්‍රමාණයක් භූමදානය කිරීම අනුමත කර තිබියදී ශ්‍රී ලංකා රජය පමණක් ආදාහනය අනිවාර්ය කිරීම බරපතල ගැටලුවක් බවත්, දෙන් විදෙස් විශේෂඥයන්, වෛරසවේදීන් පවා භූමදානය කිරීමේ කිසිදු අවදානමක් නොමැති බව තහවුරු කර තිබියදී මියගිය තම ඥාතියාගේ අවසන් කටයුතු සිදුවන ආකාරය තීරණය කිරීමට රටේ ජනතාවට අවස්ථාව අහිමි වීම බරපතල ඛේදවාචකයක් බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

ආණ්ඩුව මෙම ගැටලුව සම්පූර්ණයෙන්ම දේශපාලන ගැටලුවක් බවට පත්කර ඇති බව ඔහු චෝදනා කරමින් කියා සිටින්නේය.

Rate this item
(0 votes)