April 26, 2024

අගමැතිගෙන් සහ විපක්ෂ නායකගෙන් නත්තලට සුබ පැතුම්

December 25, 2020

නත්තල් දිනයේ සාමයේ හා දයාවේ පණිවුඩය අප හදවත් තුළ තහවුරු වියයුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

නත්තල් දින පණිවුඩය නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ දිළිදුන් මෙන්ම දරුවන් සොයා යමින් ඔවුන් සමග නත්තල ගතකරන්නට අධ්‍යාත්මික සිත යොමු කරන ගැඹුරු දහමක් නත්තල හා බැඳී පවතින බවය.

මේ අතර සාමය තේමාව කොටගෙන අනෙකාට උදව් කරමින් නත්තල සමරමු යනුවෙන් සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය නත්තල් දින පණිවුඩයෙන් පෙන්වා දෙයි.

මානව හිතවාදී බව තුළින් සියලු මනුෂ්‍යයන් කෙරෙහි ගෞරවයත් ස්වභාවධර්මය සහ සමස්ත පරිසරය කෙරේ දැඩි සංවේදීතාවයත් දක්වන්නට ජේසුතුමන් උගන්වා ඇති බව ද සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Rate this item
(0 votes)