May 07, 2024

කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ධූරයේ වෙනසක්! නව ලේකම් අනූෂ පැල්පිට

December 23, 2020

මෙරට ජ්‍යෙෂ්ඨ පරිපාලන සේවා නිලධාරියෙකු වන අනුෂ පැල්පිට මහතා කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

ඒ අනුව එම පත්කිරීම 2021 ජනවාරි 01 වනදා සිට ක්‍රියාත්මක වේ. අනුෂ පැල්පිට මහතා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කළේය.

මේ පිළිබඳ අප කළ විමසීමකදී  අනුෂ පැල්පිට මහතා ප්‍රකාශ කළේ කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කළ බවට තමාට මේවන තුරු ලිපියක් හෝ දැනුම්දීමක් සිදු කර නොමැති බවයි.

කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළේ ඩබ්.ඒ. චූලානන්ද පෙරේරා මහතාය. ඒ මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති අතර පුරප්පාඩු වූ එම ලේකම්ධූරයට අනුෂ පැල්පිට මහතා පත් කර තිබේ.

ඩබ්ලිව්. ඒ. චූලානන්ද පෙරේරා මහතා හිටපු රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලෙසද කටයුතු කළේය. 

මේ අතර හිටපු ජනාධිපති ලේකම්වරයකු වන ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු වන අනුෂ පැල්පිට යන මහත්වරුන් පසුගිය නොවැම්බර් 19 වැනිදා සිල්රෙදි නඩුවේ චෝදනාවලින් අභියාචනාධිකරණය නිදොස් කොට නිදහස් කළේය.

කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කරන්නේ විමල් වීරවංශ මහතාය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 23 December 2020 17:59