May 05, 2024

පාස්කු කොමිසමත් මෙගා නාට්‍යක් වගේ . ඉවරයක් නෑ ...පටන් ගන්නකොට ඉන්න ප්‍රේමවන්තිය වෙනුවෙට වෙන ප්‍රේමවන්තියක් ප්‍රධාන චරිතයට ඇවිල්ලා

December 22, 2020

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසමත් ඉවර වෙන්නැති මෙගා ටෙලි නාට්‍යයක් වගේ යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා පවසයි.

අද (22) එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු පාස්කු කොමිස‌මේ වත්මන් ක්‍රියාකාරීත්වය පිළිබඳව නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අනුර දිසානායක මහතා ” පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන කොමිසමේ ක්‍රියාවලිය ඒ ප්‍රහාරයෙන් පීඩාවට, අගතියට පත් වූවට හෝ නීතියේ සාධාරණත්වය අපේක්ෂා කරන කිසිවෙකුත් එකඟ වන්නේ නැති බවයි. ඒකත් හරියට ඉවර වෙන්නැති ටෙලි නාට්‍යයක් වගේ පටන් ගන්නකොට ඉන්න නළුවා නෑ වෙන නළුවෙක් ඇවිල්ලා. පටන් ගන්නකොට ඉන්න ප්‍රේමවන්තිය වෙනුවෙට වෙන ප්‍රේමවන්තියක් ප්‍රධාන චරිතයට ඇවිල්ලා. ඒ ආකාරයේම නාට්‍යයක් තමයි පාස්කු කොමිසම කියන්නෙත්” යැයි පැවසීය.

Rate this item
(3 votes)