April 28, 2024

කොවිඩ් වැළදුණු සභාපති නිරෝධායන නීති බල්ලට දමා ඇමති සමඟ කරක් ගහලා

December 21, 2020

ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට (20) දින ලද පි.සි ආර් පරික්ෂන වාර්ථා අනු තහවුරු වු බව  තලවාකැලේ ලිදුල සෞඛ්‍යය නිලධාරි ජනත් අබේගුණවර්ධන මහතා පැවසිය.

අසාදිත සභාපතිවරයා පදිංචි ආගරපතන ඇල්බියන් කෝන්ෆිල්ඩ් වතු යායේ දි ඉකුත් (16) දින පි.සි.ආර් පර්ක්ෂනයක් සිදු කර සභාපතිවරයා ඇතුළු ඔහුගේ පවුලේ සමාජිකයින් ස්වයන් නිරෝදනයට යොමු කර සිටියදි නිරෝදායන උපදෙස් වලට පටහැනිව ක්‍රියාකරමින්  අසාදිත සභාපතිවරයා  මේ මස 17 සහ 18 යන දෙදින තුල ප්‍රභු වරන් රැසක් සහභාගි වු රැස්විම් කිහිපයකට සහභාගි වි ඇති බවත් ,එම රැස්විම් වලට නුවරඑළිය,තලවාකැලේ ලිදුල ,කොටගල ,ආගරපතන ,නොර්වුඩ්, මස්කෙලිය ,අඹගමුව යන ප්‍රාදේශිය සභා සහ නගර සභා වල සභාපතිවරුන් , නගරාධිපතිවරුන් , නාගරික ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් ගනනාවක් සහභාගි වි ඇති බවටද තොරතුරු අනාවරණය වි ඇති බවද සෞඛ්‍යය වෛද්‍යය නිලධාරිවරයා පැවසිය.

අදාල සභාපතිවරයා යලිත් පි.සි.ආර් පරික්ෂනයකට භාජනය කරන බවද සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි වරයා පැවසිය.

තරාතිරම නොබලා නිරෝධායන උපදෙස් වලට පටහැනිව කටයුතු කල ආගරපතන ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාට එරෙහිව නුවරඑළීය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ (21) දින කරුණු වාර්ථා කරන බවත් ,අසාදිත සභාපතිවරයාගේ ලගම ආශ්‍රිතයින් ස්වයන් නිරෝධායනයට යොමු කිරිමට කටයුතු කරන බවද තලවාකැලේ ලිදුල සෞඛ්‍යය වෛද්‍යය නිලධාරි කාර්යාලයේ ජනත් අබේගුණවර්ධන මහතා පැවසිය.

Rate this item
(0 votes)