April 26, 2024

කොවිඩ් නිසා තවත් එලවලු වෙළඳපොළක් සහ මාලු වෙළඳ සංකීර්ණයක් වසා දමයි

December 17, 2020

යාපනය සංගානෙයි ප්‍රදේශයෙන් කොවීඩ් 19 වෛරසය ආසාදිතයින් පිරිසක් හමුවීමත් සමග සංගානෙයි එලවලු වෙළඳපොල සහ මාලු වෙළඳ සංකීරණය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගෙන ඇත.

සංගානෙයි එලවලු වෙළඳපොලේ වෙළෙන්ඳන් 08 දෙනෙකුට සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයකින් අනතුරුව ඔවුන් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති අතරම එහි වෙළෙන්ඳෙකු සංගානෙයි මාලු වෙළඳ සංකීරණයට ගොස් ඇති බවට අනාවරනය වීමත් සමග මෙම තීරණය ගෙන ඇත.

සංගානෙයි එලවලු වෙළඳපොලේ වෙළෙන්ඳන් මරඳනාමඩම් එලවලු වෙළඳපොළේ කොවීඩ්  වෛරසය ආසාදිතයින් සමග පැවත්වූ සමීප සම්බන්ධතා හේතුවෙන් මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවට සැක පල කරන්නේ යැයි මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් පවසා සිටිති.

කෙසේ වෙතත් මේ වන විට සංගානෙයි එලවලු වෙළඳපොලේ සියලුම වෙළෙන්ඳන් සහ මාලු වෙළඳ සංකීරණයේ වෙළෙන්ඳන් නිරෝධායන ක්‍රියාවලියට යොමු කොට පී.සී.ආර් පරික්ෂණයන් වෙතට යෙමු කොට ඇති බවටද යාපනයේ මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් වැඩි දුරටත් පැවසීය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

Rate this item
(0 votes)