May 02, 2024

කොවිඩ් රෝගීන් දිනෙන් දින වැඩි වෙයි - කොවිඩ් ප්‍රතිකාර සඳහා තවත් රෝහල් පවරා ගැනීමට යයි

December 16, 2020

වැඩි පිරිසකට ප්‍රතිකාර සඳහා පහසුකම් ලබාදිය හැකි රෝහල් ක්ෂණිකව සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පවරාගෙන එම රෝහල් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය තීරණය කර තිබේ.

දෛනිකව කොවිඩ් ආසාදිත රෝගීන් 500ත් 600ත් අතර සංඛ්‍යාවක් හඳුනාගැනීම සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබේ.

අද (16) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවේදී එම තීරණ ගෙන තිබේ.

Rate this item
(0 votes)