April 26, 2024

නීතිපතිට අලුත් තැනක්! සුබ මොහොතින් වැඩ අරඹයි

December 14, 2020
නීතිපති දෙපාර්තමේන්තුවේ රාජකාරී කටයුතු සදහා ඉදි කළ නව ගොඩනැගිල්ල නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතාගේ ආරාධනයෙන් අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසුරිය මහතාගේ සහ අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් අද(14) පෙරවරුවේ විවෘත විය.
මහල් 12 කින් යුතුව ඉදි කර ඇති නව ගොඩනැගිල්ල සදහා රුපියල් බිලියන 12 ක මුදලක් වැය කර ඇති අතර 2016 වර්ෂයේදී ඒ සදහා මුල්ගල් තැබීම සිදු කර ඇත. 
නීතිපති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැගිල්ල තුළට අභිනවයෙන් වැඩම කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ උදෙසා බුද්ධ පුජා පැවැත්වීම ද අති පුජ්‍ය ත්‍රිකුණාමලේ ආනන්ද මහනායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝරත්නයේ මුලිකත්වයෙන් සිදු විය.
Rate this item
(0 votes)