May 19, 2024

බෝසතාණන් අවු. 6ක් දුෂ්කර ක්‍රියා කළාක් මෙන් ජනතාවට අවු. 5ක් දුෂ්කර ක්‍රියා කිරීමට සිදු වෙලා - රංගේ බණ්ඩාර

December 13, 2020

බෝසතාණන් වහන්සේ සත්‍ය අවබෝධ කර ගැනීමට සය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා සිදු කළාක් මෙන් පස් අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කිරීමට මහජනතාවට සිදු වී ඇතැයි හිටපු ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.

පුත්තලමේදී පසුගියදා පැවති එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධාන වැඩසටහන අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඊයේ කොළඹ ජනතාව පාරට බැස කෑම ඉල්ලා යදින තත්ත්වයකට පත්ව ඇති බව කී ඒ මහතා සෞඛ්‍ය විෂයට ඇමැතිවරුන් හතරක් පත් කර තිබියදීත් කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බවද කීය.

එම ඉඩමේ නිෂ්පාදනය කරන විදුලි බලය මුදල් දී ලබා ගැනීමට අප රටට සිදු වන බවද කී ඒ මහතා ඉඩම සින්නක්කරයට විකිණීම සඳහා බාධාවක් වන මහජන උපයෝගීතා කොමිසම් සභාව වසා දැමීමට ආණ්ඩුව කටයුතු කළ බවද පැවැසීය.

Rate this item
(0 votes)