May 05, 2024

මළසිරුරු ආදාහනය කරනවාද භූමදානය කරනවාද කියන වග අනවශ්‍ය සාකච්ඡුාවක් - ඕමල්පේ සෝභිත හිමි

December 12, 2020

කොරෝනා වෛරසයෙන් මියයන අයගේ මළ සිරුරු ආදාහනය කරනවාද භූමදානය කරනවාද කියන කාරණය ඇත්තටම අනවශ්‍ය සාකච්ඡාවක්. මේ තුළින් අපිට පේනවා මේ සංවාදයක් ඇති කරන්නේ ජනතාවගේ මනස වෙන පැත්තකට යොමු කරන්නද කියන වග යැයි දක්ෂිණ ලංකාවේ ප‍්‍රධාන සංඝනායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් කීය. උන්වහන්සේ මෙම අදහස් පළකර සිටියේ ඇඹිලිපිටිය බෝධිරාජ ධර්මායතනයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
 
 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඕමල්පේ සෝභිත හිමියන් පැවසුවේ,
 

කොරෝනා වෛරස උවදුර හැම තැනකම පැතිර යන්නේ ජාති, ආගම්, කුල හේතුකොට ගෙන නොවෙයි. මේ ආගමේ ඇත්තන්ට මේක එන්නේ නැහැ කියල නියමයක් නැහැ. අපි හැම දෙනාම පොදුවේ මේ ව්‍යසනයට අද ගොදුරු වෙමින් ඉන්නවා. ඒ නිසා මේ මොහොතේ තීන්දු තීරණ පාලකයන් විසින් ගත යුත්තේ ආගම පදනම් කරගෙන නෙවෙයි. පන්තිය පදනම් කරගෙන නොවෙයි. දේශපාලන බලය හෝ දේශපාලනය පවත්වාගෙන යෑම පදනම් කරගෙන නෙවෙයි. මේ වෙලාවේ තීන්දු තීරණ ගන්න ඕන සමස්ත මානව වර්ගයාට යහපත වන්නේ කුමන ආකාරයෙන්ද යන්න කියන බව තමයි මේ වෙලාවේ සිතන්න ඕන.
 
 එහෙම නැතිව බෞද්ධයන්ට වෙන නීති, හින්දු, මුස්ලිම් ඇත්තන්ට වෙනම නීති අනුගමනය කරන්න ගියොත් අපි හැම දෙනාටම වෙන්නේ බරපතළ හානියක්. මේ අවස්ථාවේදී බලධාරීන් සෘජු තීරණ ගන්න ඕන. ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් සංවිධාන කොයි ආකාරයකින් කිව්වත් අපි අපේ රටට ගැළපෙන, අපි අපේ පොදු මහජනතාවගේ ආරක්ෂාව සැලසෙන නීති රීති කි‍්‍රයාත්මක කළ යුතුයි. මේ වලාවේ රජය විසින් අනවශ්‍ය සංවාදයක් නිර්මාණය කරල තියනවා. ඒ කොරෝනා වෛරසයෙන් මියයන
 
 අයගේ මළසිරුරු ආදාහනය කරනවාද භූමදානය කරනවාද කියන වග. මේක ඇත්තටම අනවශ්‍ය සාකච්ඡුාවක්. මේක තුළින් අපිට පේනවා මේ සංවාදයක් ඇති කරන්නේ ජනතාවගේ මනස වෙන පැත්තකට යොමු කරන්නද කියන වග.
 
 මේ මහාපරිමාණ ව්‍යසනය පිළිබඳ දුක් අඳෝනාව අමතක කරන්න අවධානය වෙන පැත්තකට යොමු කරන්න ගන්නා ආණ්ඩුවේම උපාය උපක‍්‍රමයක්ද කියන එක අපිට සැක සංකා මතුවෙනවා. ඒ නිසා රජයේ බලධාරීන්ට අපි කරුණාවෙන් කියනවා සෘජු තීන්දු තීරණ ගන්න. ඒ තීන්දු තීරණ ගද්දී ආගම නෙවෙයි සැලකිය යුත්තේ මුස්ලිම්, හින්දු, බෞද්ධ යන මේ සියලූම
 
 දෙනාගේ පොදු යහපත සැලසෙන්නේ කෙසේද? මේක හොඳද නරකද කියල අහන්න ඕන. ආගමික නායකයන්ගෙන් හෝ ජ්‍යොතිෂය අයගෙන් නෙවෙයි මේක අහන්න ඕන. සෞඛ්‍ය පිළිබඳව හසල දැනුමක් ඇති අයගෙන් ජනතාවගේ සෞඛ්‍ය පිළිබ`ද වගකිව යුතු විශේෂඥයන්ගෙන් අහල වහාම එක නීතියක් එක ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරන්න.
 
 ආගම්වලට අනුව ජන වර්ගයට අනුව නීතිය වෙනස් නොවිය යුතුයි. මළ සිරුරක් මගින් කොරෝනා වෛරසය යළිත් බෝවෙන බවට අපි කවුරුත් දන්නා කාරණයක්.

 

Rate this item
(0 votes)