April 28, 2024

ඉන්ස්ටග්‍රෑම් හා මැසෙන්ජර් බිඳවැටෙයි

December 10, 2020

ලොව පුරා ප්‍රචලිත ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් මැසෙන්ජර් සමාජ මාධ්‍ය සේවාවන් බිඳවැටී ඇති බව වාර්තා වේ.

මේ හේතුවෙන් ලොව පුරා පරිශීලකයින් අපහසුතාවයට පත්ව තිබේ.

ඒ අනුව ලක්ෂ සංඛ්‍යාත ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයින්ට එම සමාජ මාධ්‍ය වෙබ් අඩවි වලට පිවිසීමට නොහැකි වී තිබේ.

එක්සත් රාජධානියෙන් ඇරඹි මෙම ගැටලුව මේ වන විට ලොව පුරා රටවල් ගණනාවකට බලපා ඇති අතර කෝටි සංඛ්‍යාත පරිශීලකයින්ට බලපාන පරිදි ෆේස්බුක් සතු ෆේස්බුක්, මැසෙන්ජර්, ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය යෙදුම්ද මෙලෙස බිඳ වැටි තිබේ.

අද උදෑසන 7 ට පමණ මෙම ගැටළුව ආරම්භ වූ අතර දහස් ගණනක් පරිශීලකයින් පණිවිඩ යැවීමේ හා ලැබීමේ ගැටළු පිළිබඳව පැමිණිලි කර තිබෙන අතර 80% ක් පමණ දෙනා පණිවුඩ නොලැබෙන බව පවසා ඇති අතර 20% ක් ඩවුන්ඩෙටෙක්ටර් අනුව ලොග් වීමේ ගැටළු වාර්තා කර ඇත.

මේ වන විට මෙම ගැටලුව ශ්‍රී ලංකාවටද බලපා ඇති බව වාර්තා වන අතර විශාල වශයෙන් Messenger සමාජ මාධ්‍ය යෙදුම අවහිර වී ඇති බව වාර්තා වේ.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 December 2020 17:46