May 07, 2024

විශේෂඥ කණ්ඩායමක් ධම්මික වෙදදුරුගේ නිවස අධීක්ෂණයට යයි - කොරෝනා පැණිය ඔවුන් ඉදිරියේ හදයි

December 10, 2020

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ දේශිය ඖෂධය කොවිඩ් රෝගීන් සඳහා ආහාරමය අතිරේකයක් ලෙස ‍ලබා දීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී තිබේ.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමකගේ අධීක්ෂණය යටතේ ඊයේ (09) එම ඖෂධය නිෂ්පාදනය කිරීමට පියවර ගත්තේය. 

කොවිඩ් වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර වෙදමහතා විසින් සොයාගත් බව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිදුකළ සායනික අත්හදාබැලීම් දෙකකදී තහවුරු වූ පසුබිමක පෙරේදා (08) එම ඖෂධය ජනතාවට නොමිලේ බෙදා දිමට පියවර ගත්තේය.

කෙසේ වෙතත් එම ඖෂධය ලබා ගැනීමට දස දහසකට අධික ජනතාවක් කෑගල්ල පැමිණිමත් සමඟ එම තත්ත්වය පාලනය කිරීම සඳහා ඖෂධය බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

මේ අතර ඊයේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේ දී දේශීය ඖෂධය නිෂ්පාදනය කරන ආකාරය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක් අධීක්ෂණය කළේය.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 December 2020 02:00