May 02, 2024

“කියපංකො බලන් ඉන්නේ මාව කන්න වගේ“ - රංජන් මනූෂගේ මූණටම කියයි

December 09, 2020

අධිකරණයට බලපෑම් කලා කියන එකට හොඳම උදාහරණය මගේ වම් පැත්තේ ඉන්න මනූෂ නානායක්කාර බවත් මනූෂ නානායක්කාරට ඡන්දෙදි ප්‍රශ්නයක් වූ බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හිටපු නීතිපති මොහාන් පීරිස් මහතා අරලියහග මන්දිරයට ගෙන්වා “මේ කොල්ලව බේරල දෙන්න“ කියලා ප්‍රකාශ කළ බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

ඒ අසල සිටි සමගි ජනබලවේගයේ මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ඊට කිසිවක් නොකියා නිහඩව සිනාසී බලා සිටියද කිසිවක් ප්‍රකාශ නොකළේය.

“කියපංකො බලන් ඉන්නේ මාවම කන්න වගේ බොරුවට මෙතන බලන් ඉන්නවා ඒවනේ අධිකරණයට බලපෑම් කියන්නේ“ යැයි මන්ත්‍රීවරයා දැඩිව කියා සිටියේය.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 09 December 2020 19:49