May 19, 2024

"මට විරුද්ධව බොරු කතා හදන්නේ මට මෝඩයා කියපු කෙනා" - ගනේෂන්ගෙන් ප්‍රතිචාර

December 07, 2020

තමා ගැන බොරු කතා හදන පුද්ගලයා පාර්ලිමේන්තුවේ ආණ්ඩුව පැත්තේ ඉදිරි පෙළ වාඩි වෙලා සිටින තමාට මෝඩ යැයි කිවූ පුද්ගලයා බව විපක්ෂයේ මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

ඔවුන් මීට පෙර තමන් මහවිරු දිනයට සහභාගි වී එහිදී සිංහල ජනතාවට එරෙහිව අවි ආයුධ ගෙන සටන් කළ යුතු බවට ප්‍රකාශ කළ බවට බොරු කතා නිර්මාණය කළ පුද්ගලයින් බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එදා තමා එම මහ විරු දිනයට සහභාගි වූයේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ කැමැත්ත මත බව පෙන්වා දෙන ගනේෂන් මහතා එල්ටීටීඊ සංවිධානය වැඩියෙන් දේශපාලන කතා කළොත් යුද්ධය අඩුවෙන් කරන බවට උපදෙස් ද අද ලබා දුන් බවද සිහිපත් කරයි.

එදා ශක්තිමත්ව සිටි එල්ටීටීඊ සංවිධානයේ වේදිකාවට නැගී තමා එදා සදහන් කළේ සිංහල, දෙමළ ජනතාවට තවමත් එකට ජීවත්වීමට හැකි පසුබිමක් තිබෙන බවය. එහෙත් පසුකාලීනව තමා එදා දෙමළින් කල කතාව විකෘති කොට සිංහල ජනතාවට එරෙහිව අදහස් පළ කර බවට මතවාදයක් හැදූ බව ද පෙන්වා දෙයි. කළ යුතුව තිබුණේ තමා කළ කතාවට මල්මාලා දමා පිළිගැනීම බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

මේ පිරිස තමා ප්‍රභාකරන් සමඟ පිහිනුම් තටාකයේ එකට නෑ බවටද අසත්‍ය ප්‍රචාර ගෙන යන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා තමා ඉපදුනේ කැළණි ගඟ අසල බවත් තමා හැඳි වැඩුනේ මහනුවර මහවැලි ගග ආශ්‍රිතව බවත් එහෙත් තමාට කිසි දිනක පිහිනීමට හැකියාවක් නොතිබුන බවද අවධාරණය කරන ලදී.

තමා සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට එකට ජිවත් විය හැකි බව විශ්වාස කරන පුද්ගලයකු බවද ගනේෂන් මහතා වැඩිදුරටත් පවසයි.

Rate this item
(0 votes)
Last modified on Monday, 07 December 2020 16:03