April 27, 2024

"එතනෝල්කාරයන්ට බලය දුන්නම වෙන්නෙ මේවා තමයි - රජය හැසිරෙන්නෙ අපරාධකාරයො වගේ" - උලපනේ සුමංගල හිමි

December 06, 2020

මනුෂ්‍ය ඝාතන, දූෂණ වංචා සම්බන්ධයෙන් දඬුවම් ලබන‍ දේශපාලනඥයන්, දේශපාලන සිරකරුවන් ලෙස සලකා ඔවුන් නිදහස් කිරීමට කටයුතු කළහොත් වසර පහෙන් පහට බලයට පත්වන ආණ්ඩු තම තමන්ට අවශ්‍ය පුද්ගලයන් එළියට දැමීම දිගින් දිගටම සිදුවිය හැකි බවත් එය නරක පූර්වාදර්ශයක් වියහැකි බවත් උලපනේ සුමංගල හිමි පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී සුමංගල හිමි මේ බව සඳහන් කළේය.

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී මරණ දණ්ඩනය හිමිව සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා දේශපාලන සිරකරුවෙකු ලෙස හඳුන්වමින්, අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සිදුකර තිබෙන ප්‍රකාශයට විරෝධය පළකරමින් සුමංගල හිමි මේ බව කියා සිටියහ.

අද ආණ්ඩුව හැසිරෙන්නේ අපරාධකාරයන් හැසිරෙන ආකාරයට බවත්, වසර අටකට පෙර වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ඝාතනය වැනිම ඝාතනයක් නැවතත් සිදුවීමෙන් එය තහවුරු වන බවත් උලපනේ සුමංගල හිමි පවසයි.

කසිප්පුකාරයන්, එතනෝල්කාරයන්, කුඩුකාරයන් ජනතා ‍නියෝජිතයන් ලෙස පත්කළ විට, පාර්ලිමේන්තුවේ ප්‍රධාන තනතුරු ලබාදුන් විට මීට වඩා දෙයක් බලාපොරොත්තු විය නොහැකි බවත්, ඕනෑම තක්කඩිකමක් 69 ලක්ෂයේ ජනවරම හරහා සාධාරණීකරණය කිරීමට ඔවුන් කටයුතු කරමින් සිටින බවත් සුමංගල හිමි අවධාරණය කරයි.

Rate this item
(0 votes)