May 06, 2024

මහනුවර යළි සෙලවෙයි - 'බුරවි' ගියත් කාළගුණයට බලපෑම්

December 05, 2020

මහනුවර, දිගන ප‍්‍රදේශයෙන් අද(05) අලූයම ද සුළු භූ කම්පන තත්ත්වයක් දැනී ඇතැයි ජනතාව දැනුම්දුන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මීට පෙරද අවස්ථා කිහිපයකදී දිගන ප‍්‍රදේශයෙන් සුළු කම්පන තත්ත්වන් වාර්තා විය. අවසන් වරට එහි භූකම්පන තත්ත්වයක් වාර්තා වුණේ ඉකුත් නොවැම්බර් 18 වනදායි. එහි ප‍්‍රබලත්වය අඹකොටේ, දිගන, කුණ්ඩසාලේ ප‍්‍රදේශයේ ජනතාවටද දැනී තිබිණි.

මේ අතර මන්නාරම බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා දුර්වල වී එම මුහුදු ප‍්‍රදේශය ආශ‍්‍රිතවම මන්නාරමට කිලෝමීටර් 145ක් බටහිර දෙසින් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේවෙතත් බුරවි සුළි කුණාටුව දුර්වල වුවද උතුරු, වයඹ සහ බස්නාහිර පළාත්වලත් අනුරාධපුර සහ ත‍්‍රීකුණාමලය දිස්ත‍්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

උතුරු සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 පමණ තද වැසි අපේක්ෂා කරයි.

සබරගමුව, ඌව සහ මධ්‍යම පළාත්වලටත් ගාල්ල, මාතර, අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව යන දිස්ත‍්‍රික්කවලටත් වැසි ඇති විය හැකියි. 

Rate this item
(0 votes)