May 03, 2024

මාස දෙකකට පසු මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හල විවෘත කරයි - සේවිකාවන් 150ක් සේවයට කැඳවයි

December 04, 2020

කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වෙමින් අසාදිත සේවක සේවිකාවන් වාර්තා වීමත් සමඟ මාස දෙකක පමණ කාලයක් වසා දමා තිබූ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනය අද(04) සිට නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ.

සෞඛ්‍ය නීතිරීති හා ක්‍රමවේදවලට යටත්ව විවෘත කර කිරීමට එම ආයතනයට අවසර දුන් බව මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි සී.පී. විජේසූරිය මහත්මිය පැවසුවාය.

ඒ අනුව සේවිකාවන් 150ක් පමණ කැඳවා ගනිමින් ආයතනයේ කැපුම් අංශයේ සේවා කටයුතු අද සිට ආරම්භ කිරීමට නියමිතය.

පසුගිය ඔක්තෝම්බර් 02 වැනිදා රාත්‍රී එම ඇඟලුම් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වීමෙන් පසු ඊට පසු දින සිට එම ආයතනය වසා දැමිණි.

 

Rate this item
(0 votes)