May 05, 2024

ළඟදීම ඇති තරම් "කහ" ගන්න පුලුවන් ...

December 03, 2020

දේශීය "කහ" අස්වැන්න ලඟදීම ලබා ගැනීමට හැකි බව කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරනවා. "කහ " පිටරටින් ගෙන්වීම රජය විසින්  තහනම් කරනු ලැබූ නිසා ගොවීන් විශාල වශයෙන් කහ වැවීමට පෙළබී තිබෙනවා. අලුත්ගමගේ මහතා ප්‍රකාශ කරන පරිදි දේශීය පරිභෝජනය සඳහා ප්‍රමානවත් තරම් කහ අස්වැන්න ප්‍රමානවත්. වාර්ශිකව කහ ආනයනය සඳහා රුපියල් මිලියන 1295 ක් වැය කොට තිබෙනවා. කෙසේ වෙතත් මේ වන විටත් කහ දේශීය වෙළඳ පොලෙහි හිඟ වීම නිසා ග්‍රෑරෑම් 100 ක මිළ රුපියල් 150.00 ක් පමණ වනවා. එමෙන්ම කහ නීති විරෝධීව ආනයනය කිරීමේ සිද්ධීන් කිහිපයක් ද පසුගිය සමයේ රේගුව විසින් සොයා ගත්තා. මෙරට භාවිතා කරනු ලබන කහ තොග බහුතරයක්න ආනයනය කරනු ලැබුවෙි ඉන්දියාවෙන්. පසුගිය දා ඉන්දීය කහ ගොවීන් මෙරටට "කහ "එවීම පිළිබඳ වාරණය ඉවත් කරන ලෙස ඉල්ලා රජය සමග සාකච්චා කරන ලෙස ඉන්දීය රජයට බල කර සිටියා. 

Rate this item
(0 votes)