April 28, 2024

වැඩ බාරගත් සැණින් ඇමති ලොහාන් මහර බන්ධනාගාරයට - බන්ධනාගාරය ඇතුළේ ඡායාරූප නිකුත් වෙයි (PHOTOS)

December 02, 2020
අද (02) බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබූ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා තම අමාත්‍යංශයේ වැඩ ආරම්භ කිරීමෙන් අනතුරුව හදිසියේම මහර බන්ධනාගාරයේ නිරීක්ෂක සංචාරකයක නිරත විය.
පසුගිය දින කිහිපයේ යම් කළහකාරී තත්ත්වයක් පැවතුණු බන්ධනාගාරය හොඳින් නිරීක්ෂණය කළ අතර විනාශ වූ ගොඩනැගිලි හා දේපළ හැකි ඉක්මනින්, නැවත එවැනි ගැටුමක් ඇති නොවන ලෙස යථා තත්ත්වයට පත් කිරීමට බලධාරීන්ට උපදෙස් දී තිබේ.
අනතුරුව බන්ධනාගාරගත රැඳවියන් හමු වී ඔවුන්ගේ ගැටළු පිළිබඳ සොයා බැලූ අමාත්‍යවරයා දැනට බන්ධනාගාර රැඳවියන්ට ඇති ප්‍රධාන ගැටළුවක් වන 1998 සිට ක්‍රියාත්මක නොවූ සිව්වස් සමාලෝචන ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා එකඟ වූ බවත් ඉදිරියේදී හැකි ඉක්මනින් මෙය ක්‍රියාත්මක කරන බවත් ඔවුන්ට දන්වා තිබේ.
තව ද කොවිඩ් 19 තත්ත්වය තුළ බන්ධනාගාර භූමිය හා රැඳවියන්ගේ සෞඛ්‍ය තත්වයන් ආරක්ෂා කිරීම පිළිබඳ විශේෂ වැඩපිළිවෙලක් සකස් කරමින් මහර බන්ධනාගාරය ඇතුළු අනෙකුත් සියළුම බන්ධනාගාරයන්හි රැඳවියන්ගේ ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂාව (Rapid Antigen Test) පරීක්ෂා කඩිනම් කිරීමටත් අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.
කොවිඩ් 19 තත්ත්වය තුළ තම පවුල්වල සාමාජිකයන් අතර ඇති සම්බන්ධතාවය සඳහා වූ බාධාව තමා තේරුම් ගත් බවත් ඒ සඳහා බන්ධනාගාර රැඳවියන්ගේ පවුල් වල උදවියට ඇති ගැටළු බන්ධනාගාර දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීමට විශේෂ දුරකථන අංකයක් ඉක්මනින් හඳුන්වා දෙන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
ශ්‍රි ලංකාවේ බන්ධනාගාර තුළ පවතින තදබදය අවම කිරීම සඳහා සුළු වැරදි හා දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි ව බන්ධනාගාරය තුළ සිර වී සිටින නිදහස කළ හැකි සියලු ම රැඳවියන් බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රජ්‍ය අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් හා අධීක්ෂණය යටතේ සිදු කිරීමට කටයුතු කරන බවත් මේ තුළින් බන්ධනාගාරවල ඇති තදබදය අවම කිරීමට කටයුතු කරන බවත් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ඒ සමඟ බන්ධනාගාරය තුළ පවතින සනීපාරක්ෂක ප්‍රශ්නය ද යම්තාක් දුර‍ට විසඳිය හැකි බවත් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 December 2020 19:22