April 26, 2024

කාලගුණයෙන් සුළි කුණාටුවක් පිළිබද නිවේදනයක්

November 30, 2020

ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට බදාදා (02) සවස් කාලයේදී සුළි කුණාටුවක් ඇතුළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ මෙම සුළි කුණාටුව බටහිරට නැඹුරුව වයඹ දෙසට ගමන් කර මඩකලපුව සහ මුලතිව් අතරින් මෙරටට ඇතුළු විය හැකි බවයි.

එහි බලපෑම හේතුවෙන් යළි දැනුම් දෙනතුරු කන්කසන්තුරයේ සිට ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එමෙන්ම දැනට එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටින පිරිස හෙට (01) වන විට ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනයවී ඇති අඩු පීඩන තත්ත්වය ඉදිරි පැය 24 තුලදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි අතර ඉන් පසුව තවදුරටත් වර්ධනය විය හැකි එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

Rate this item
(0 votes)