April 27, 2024

මහර බන්ධනාගාර ගැටුම : රාගමට ඇතුළත් කළ පිරිසකට කොවිඩ්

November 30, 2020

මහර බන්ධනාගාරය තුළ සිදුවූ ගැටුම්කාරී තත්ත්වයේදී තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කළ රැඳවියන්ගෙන් පිරිසක් කොවිඩ් ආසාදිතයින් බව තහවුරු වී තිබේ.

එම රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සරත් ප්‍රේමසිරි මහතා පැවසුවේ, රෝහලට ඇතුළත් කළ 71 දෙනාගෙන් 48 දෙනෙක් සඳහා රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ කළ බවත් ඉන් 26 දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට ඉන් තහවුරු වූ බවත් ය.

ප්‍රතිකාර සඳහා ඇතුළත් කළ 71 දෙනාගෙන් 10 දෙනෙක්ගේ තත්ත්වය බරපතළ බව නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා තවදුරටත් පැවසීය.

Rate this item
(0 votes)