April 26, 2024

කොළඹ නගර සීමාව තුළ කොවිඩ් තත්වය තවදුරටත් අපට පාලනය කළ හැකි මට්ටමක නෑ

November 30, 2020

කොළඹ මහ නගරසභා සීමාව තුළ කොරෝනා තත්වය තවදුරටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාලනය කළහැකි මට්ටමක නොපවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

"කොළඹ මහනගර සීමාව තවදුරටත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පාලන කළහැකි මට්ටමක ආසාදනය පවතින්නෙ නෑ. මේ වෙද්දි විශාල වශයෙන් රෝගීන් වාර්තා වෙනවා. අපි දැඩි පරිශ්‍රමයක් යොදමින් ඉන්නවා පාලනය කරගැනීම සඳහා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේය. 

උපුල් රෝහණ මහතා මේ බව පැවසුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. 

Rate this item
(1 Vote)