April 26, 2024

"අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් වැලිවිට කියන්නේ බොරු - අරලියගහ මන්දිරය හුදකලා කරලයි තිබුණේ" - බැසිල් රාජපක්ෂ

November 29, 2020

අරලියගහ මන්දිර පරිශ්‍රය හුදකලා කර නොතිබුණු බවට අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා මාධ්‍යයට නිකුත් කර තිබූ ප්‍රකාශය බොරුවක් බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා "සන්ඩේ ටයිම්ස්"  පුවත්පතට ප්‍රකාශ කොට තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතා මෙම නිවේදනය නිකුත් කර තිබුණේ අරලියගහ මන්දිරය හුදකලා කර තිබූ බවට ඉංග්‍රීසි පුවත්පතක පළවූ ප්‍රවෘත්තියකට අභියෝග කරමිනි.

"එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම බොරුවක්. අරලියගහ මන්දිර පරිශ්‍රය හුදකලා කරලයි තිබුණේ. මට මගේ කාර්යාලයටවත් යන්න බැරි වුණා. මේ ගැන ඇත්ත තත්වය හොයා බලන්න අවශ්‍ය නම් කෙනෙක් එතනට යවන්න. කාර්ය මණ්ඩලයටත් අරලියගහ මන්දිරයට නොපැමිණ නිවසේ සිට රාජකාරී කටයුතු කරන්න උපදෙස් දීලයි තියෙන්නේ." යැයිද බැසිල් රාජපක්ෂ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කොට තිබේ.

"අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් වැලිවිට දන්නේ නෑ මොනවද කරන්නේ කියලා. මම ගැන කියලා තිබුනෙත් බොරු. කවුද ඔහුට එහෙම බොරු කියන්න අවසර දීලා තියෙන්නේ. එය සිදුවිය යුතු නැහැ. මේකෙන් අග්‍රාමාත්‍යවරයා විශාල අසීරුතාවයකට පත් වුණා. අග්‍රාමාත්‍යවරයාට ජනතාවට හංගන්න දෙයක් නෑ. ඇත්ත කීමේ ඇති වැරැද්ද කුමක්ද?" යැයි යන්නද බැසිල් රාජපක්ෂ මහතා ප්‍රශ්න කර තිබේ.

Rate this item
(3 votes)
Last modified on Sunday, 29 November 2020 18:31