April 26, 2024

වැලි ජාවාරම වටලන්න ගිය කොස්තාපල් ටිපර් රථයට යටකර මරාදමලා

November 29, 2020

දැදුරුඔයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස්  නිලධාරියෙකු  කොබෙයිගනේ ප්‍රදේශයේ දී ටිපර් රථයකට යට කිරීමෙන් අද (29) අලුයම මරණයට පත් කර ඇති බව නිකවැරටිය පොලිස් අධිකාරි කාර්යාලය පැවසීය.
             
මියගොස් ඇත්තේ නිකවැරටිය කොට්ඨාස බුද්ධි අංශ  නිලධාරියෙකු වන පොලිස් කොස්තාපල්, රත්නායක නැමති දෙදරු පියෙකි.
           
කොබෙයිගනේ දැදුරුඔය වැලි ජාවාරම වැටලීමේදී ජාවාරම්කරුවන් විසින් ටිපර් රථයට යට කරන ලද එම  නිලධාරීයා නිකවැරටිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බවද පොලීසිය පවසයි. වැටලීමට ගිය සෙසු නිලධාරීන්ටද තුවාල සිදුව ඇතැයි පොලිසිය කියයි.

සැකකරු සහ අදාල ටිපර් රථය අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිස් කණ්ඩායම් යොදවා ඇති බවද පොලීසිය සඳහන් කරයි.
                     
මෙම සැකකාර රියැදුරාට එරෙහිව නීති විරෝධී වැලි ජාවාරම් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු කීපයක්ම පවතින බවද පොලිසිය කියයි.

Rate this item
(0 votes)