April 26, 2024

රටපුරා කොවිඩ් අනු පොකුරු නිර්මාණය වීමේ අවදානමක්! කොළඹ පොකුර පාලනයට දැඩි පරිශ්‍රමයක්

November 28, 2020

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොවිඩ් අනු පොකුරු නිර්මාණය වීමේ අවදානමක් මේ වනවිට මතුව ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකරවරුන්ගේ සංගමය පවසයි.

ආසාදිතයින් වාර්තාවීමේ අඩුවක් පෙන්නුම් කළ ඇතැම් ප්‍රදේශවලින් ද මේ වනවිට යළිත් නව ආසාදිතයින් වාර්තා වෙමින් පවතින බව එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

විශේෂයෙන් කොළඹ මහනගර සීමාවෙන් ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තාවීම හේතුවෙන් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ කටයුතු සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බව උපුල් රෝහණ මහතා සඳහන් කළේය.

නව ආසාදිතයින් හඳුනාගන්නා ප්‍රදේශවල සංචරණ කටයුතු සීමා කිරීම් ප්‍රමාදයකින් තොරව සිදුකළ යුතු බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)