April 26, 2024

සෞඛ්‍ය ඇමැතිනියගේ කතාව පුස්සක්! අනිල් ජාසිංහ තවමත් කොවිඩ් කමිටුවට කැදවා නෑ

November 28, 2020

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වර්තමාන පරිසර අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ වන තෙක් කොරෝනා මර්ධන කමිටුවේ සාකච්චා සදහා කැදවා නොමැති බව වාර්තා වේ.

කොවිඩ් මර්දන කමිටුවේ උපදේශකයකු ලෙස හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා යළි කැඳවන බවට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මීට පෙර ප්‍රකාශ කළේය.

අනිල් ජාසිංහ මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස කොවිඩ් මර්දන වැඩපිළිවෙලට විශාල දායකත්වයක් ලබාදෙමින් සිටියදී ඔහුව ඉවත් කිරීම ගැන විපක්ෂය පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කළ අවස්ථාවේ එයට පිළිතුරු දෙමින් ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කළේ අනිල් ජාසිංහ මහතා කොවිඩ් මර්දනය පිළිබඳව සාකච්ඡාවලට සහභාගී කරගන්නා බවයි.

එහෙත් මේ දක්වාම ඔහුව එවැනි සාකච්ඡාවලට සහභාගී කරගෙන නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පැවසීය.

පළමු කොරෝනා රැල්ලේදී ඉන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා රජය රැගෙන ගිය වැඩපිළිවෙලේ දී සෞඛ්‍ය කේෂ්ත්‍රය සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සිදුකළ මෙහෙය ඉතා ප්‍රශංසනිය වූ අතර ඔහු පසුව පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබුවා.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 November 2020 19:54