May 11, 2024

LPL විකාශන අයිතියට පොරොන්දු වූ මුදලින් සතයක්වත් තවම ගෙවා නෑ

November 28, 2020

දැන් දැන් මෙරට පැවැත්වෙන LPL T-20 ක්‍රිකට් තරගාවලියේ විකාශන අයිතිය ලබා ගැනීම වෙනුවෙන් ගිවිසුම්ගත මුදලෙන් කිසිදු වාරිකයක් මේ වන විටත් ලැබී නොමැති බව විපක්ෂයේ මන්ත්‍රී තුෂාර ඉඳුනිල් මහතා පාර්ලිමේන්තුවේ දී අනාවරණය කරන ලදී.

LPL තරගාවලියේ විකාශන අයිතිය ලබාදී තිබෙන්නේ ඩුබායිහි අනිල් වෝහාන් නැමැත්තෙකුට අයත් IPG සමාගමට බව එලිදරව් කර මන්ත්‍රීවරයා ගිවිසුම්ගත මුදල ඇමෙරිකානු ඩොලර් 1750000ක් බවද සභාවට එළිදරව් කරන ලදී.

මන්ත්‍රීවරයා මේ කරුණු හෙළිදරව් කළේ ක්‍රීඩා අමාත්‍යාංශ වැය ශීර්ෂයට එක්වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 28 November 2020 13:19