May 10, 2024

හිගුරක්ගොඩ අධ්‍යාපන කලාප කාර්යාලයේ අයෙකුට කොවිඩ්

November 27, 2020

පොළොන්නරුව හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයේ මින්නේරිය ජාතික පාසල ආරම්භවී ස්වල්ප වේලාවකින් දෙමාපියන් පැමිණ දරුවන් නැවත රැගෙන ගොස් තිබේ.

අද දිනයේ (27) පාසල ආරම්භ වී ස්වල්ප වෙලාවකින් මෙලෙස දරුවන් රැගෙන ගිය බව පාසලේ විදුහල්පතිවරයා සඳහන් කර තිබේ.

මේ සඳහා හේතුවී ඇති බව සඳහන් කරන්නේ කලාප කාර් යාලයේ සේවකයෙකු කොව්ඩි ආසදිතයකු  ලෙස හමුවීමත් එහි 80දෙනෙකුට PCR පරීක්ෂණ සිදුකිරීමත් එමෙන්ම විද්‍යාලයේ ගුරුවරුනුත් ඒ කලාප කාර් යාලයට ගොස් තිබෙන බවද පැවසෙනවා.

කෙසේ වෙතත් අධ්‍යාපන බලධාරීන් සඳහන් කරන්නේ එම කලාපයේ කිසිඳු පාසලක් වැසීමට තීරණය කර නොමැති බවයි.

Rate this item
(0 votes)