April 27, 2024

ඇතැම් දේශපාලඥයන් මුඩු ඉඩමට රජයේ සශ්‍රීක ඉඩම් මාරු කරගෙන - ඇමති චන්ද්‍රසේනගෙන් විශේෂ අනාවරණයක්

November 27, 2020

වසර 40 ක පමණ කාලයක සිට බොහෝ දේශපාලනඥයින් තමන්ගේ මුඩු ඉඩම වෙනුවට රජයේ සශ්‍රීක ඉඩම් වංචනිකව අත්පත් කරගෙන තිබෙන බව ඉඩම් ඇමති එස්.එම්.චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවේ දී අනාවරණය කරන ලදී.

උදාහරණයක් හැටියට අනුරාධපුරයේ තිබූ එවැනි මුඩු ඉඩමක් මීගමුව ප්‍රදේශයේ රජයේ සශ්‍රීක ඉඩමකට මාරු කළ දේශපාලනඥයෙකු ද සිටින බව පෙන්වා දෙන ලදී.

අවුරුදු 40කට පෙර සිදු වූ සිදුවීම් කෙසේ වෙතත් මෑත කාලයේ සිදු වූ මෙවැනි වංචාවන් පිළිබඳව සෙවීමට තමන් විමර්ශන කමිටුවක් පත් කළ බව ද චන්ද්‍රසේන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දෙන ලදී.

ඒ සඳහා දේශපාලනඥයන්ට ඇතැම් රාජ්‍ය නිලධාරීන් ද උදව් කර තිබෙන බව පෙන්වා දෙන චන්ද්‍රසේන මහතා විමර්ශනයෙන් පසු එම නිලධාරීන්ට ද දඬුවම් දෙන බව ද සඳහන් කරන ලදී.

Rate this item
(2 votes)
Last modified on Friday, 27 November 2020 13:27

Related items