April 27, 2024

අප්‍රේල් 21 ප්‍රහාරය කිසියම් විදේශීය හස්තයක් ඔස්සේ මෙහෙය වූ කුමන්ත්‍රණයක් - හිටපු ජනාධිපති

November 26, 2020

අප්‍රේල් 21 ප්‍රහාරය කිසියම් විදේශීය හස්තයක් ඔස්සේ මෙහෙය වූ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් යැයි තමාට බරපතල සැකයක් පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශ කර සිටියා. 

දින 8 ක් පුරා හිටපු ජනාධිපතිවරයා කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දී තිබෙනවා.

හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ, 2019 වසරට පෙර සිට මෙවැනි ප්‍රහාරයක් එල්ලවීමේ ප්‍රවණතාවක් පැවැති බව පසුව අනාවරණය වූ බවයි.

ඔහු කියා සිටියේ, කිසියම් ත්‍රස්තවාදී සංවිධානයක නායකයකු ප්‍රහාරයකින් මරාගෙන මැරෙන තත්ත්වයට පත් නොවන බවයි.

ඒ අනුව සහරාන් හෂීම් ඇතුළු පිරිස කිසියම් කණ්ඩායමක් විසින් හිතාමතාම මෙහෙයවා ඇතැයි තමා විශ්වාස කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසුවේ ය.

ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේ තමා විසින්ම මෙම කොමිසම ස්ථාපිත කළ බව පැවසූ ‌මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ, ඉදිරියටත් කොමිසමේ කටයුතු සඳහා ඕනැම සහයක් ලබාදීමට සූදානම් බවයි.

Rate this item
(0 votes)