April 26, 2024

මහනුවර, පට්ටියගමදී නිවසක් මතට තාප්පයක් කඩා වැටෙයි

November 25, 2020

ඊයේ (24) පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මහනුවර දෙල්තොට, පට්ටියගම ප්‍රදේශයේ ඉදිකෙරෙමින් පවතින නිවසක කොටසක් හා පැති බැම්මක් කඩා වැටී තිබේ.

අදාළ පැති බැම්මට යටින් ජලය කාන්දු වෙමින් පවතින බවට හඳුනාගැනීමත් සමග පහළින් පිහිටි නිවසේ පදිංචිකරුවන් ඉන් ඉවත් කිරීමට පියවර ගෙන තිබුණි.

එම සිද්ධියෙන් ඊට පහළින් පිහිටි නිවසට ද දැඩි ලෙස හානි සිදුවිය.

මේ අතර නිවාර් සුළි කුණාටුව ඉදිරි පැය 24ක කාලය තුළ දිවයිනේ උතුරු වෙරළ ආසන්නයෙන් තමිල්නාඩු වෙරළ හරහා ගමන්කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
 
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ හේතුවෙන් පවතින වැසි සහිත කාලගුණය හෙට (26) දිනයෙන් පසු ක්‍රමයෙන් අඩුවනු ඇති බවය.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 25 November 2020 16:01

Related items