May 05, 2024

උම්බලකඩ - කරවල කර්මාන්තයේ සංවර්ධනයට සහ ව්‍යවසායකයින් සව්බලගැන්වීමට ව්‍යාපෘතියක් ඇරඹේ

November 25, 2020

විසිතුරු මසුන්, මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් ඇති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍ය කංචන ව්ජේසේකර මහතාගේ උපදෙස් පරිදි නාරා ආයතනයේ මුලිකත්වයෙන් 2020-11-24 වන දින දෙවුන්දර ප්‍රදේශය මුල්කරගනිමින් ආරම්භ කරන ලදී.

ඒ අනුව මෙම ව්‍යාපෘතිය මගින් නියමිත ප්‍රමිතියකින් උම්බලකඩ - කරවල නිශ්පාදනය කිරීමට අවශ්‍ය විද්‍යාත්මක දැනුම හා තාක්ෂණික දැනුම ව්‍යවසායකයින් වෙත ලබාදීම සඳහාත් දැනට භාවිත ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතානායතනයේ (නාරා ) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය පාලිත කිත්සිරි මහතා ඇතුළු පර්යේෂණ නිලධාරීන් කණ්ඩායමක් මෙන්ම ඉංජිනේරු තාක්ෂණික දැනුම ලබාදීම සඳහා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ නිලධාරීන් සහ ධීවර සම්බන්ධිකරණ කටයුතු සඳහා ධීවර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගි විය .

තවද සුලු හා මධ්‍යම මෙන්ම මහාපරිමාණ ව්‍යවසායකයින් වශයෙන් හදුනා ගනිමින් ඔවුනට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීම සඳහා ලෝක බැංකුවේ කෘෂිකාර්මික නවීකරණ ව්‍යාපෘතියේ නිලධාරීන් සහභාගි විය.

මෙම ව්‍යාපෘතියේ තවත් අදියරක් වන සමුපකාර ධීවර සමිති වශයෙන් ලියාපදිංචි වී ඇති ව්‍යවසායකයින් හදුනා ගනිමින් ඔවුනට අවශ්‍ය ණය ආධාර ලබාදීම සඳහා සමුපකාර අමාත්‍යාංශයේ නිලධාරීන් මෙන්ම දකුණු පලාත් නියෝජ්‍ය ආහාර කොමසාරිස්වරයා සහභාගි විය .

Rate this item
(0 votes)