May 01, 2024

තවත් කොරෝනා මරණ 4ක් - අද කොරෝනා රෝගීන් 458යි

November 24, 2020

තවත් කොවිඩ් රෝගීන් සිව් දෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව, මෙරටදී මිගොස් ඇති රෝගීන් සංඛ්‍යාව 94කි.

01. ගිනිගත්හේන පදිංචිව සිටි 74 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. බන්ධනාගාර රෝහලේ සිට රාගම රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඒවා ඇති අතර එම රෝහලේදී නොවැම්බර් 22 වන දා මියගොස් ඇත. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සමග පාචන රෝගී තත්ත්වයක් නිසා ආසාදන තත්ත්වයෙන් බහු අවයව අක්‍රිය වීමය.

02. සියඹලාපේ දකුණ පදිංචිව සිටි 54 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. කොළඹ ජාතික රෝහලේදී නොවැම්බර් 22 වනදා මියගොස් ඇත. මරණයට හේතු ලෙස දැක්වෙන්නේ නිධන්ගත වකුගඩු රෝගී තත්ත්වයක් කොවිඩ් -19 ආසාදනය සමග උත්සන්න වීමය.

03. කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 74 හැවිරිදි කාන්තාවකි. කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගැනීමෙන් පසු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මුලික රෝහල වෙත යවා ඇත. එම රෝහලේදී අද (24) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ ආඝාතය සහ කොවිඩ් -19 නිව්මෝනියාව වේ.

04. බණ්ඩාරගම, අටුලුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි. පානදුර රෝහලේ සිට IDH  රෝහල වෙත යවා ඇත. එම රෝහලේදී අද (24) මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය සමග නිධන්ගත අක්මා රෝගයක් උත්සන්න වීම සහ මොළය ඉදිමීමේ රෝගය වේ.

මේ අතර අද (24) දින තවත් කොවිඩ් ආසාදිතයින් 171ක් හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

ඔවුන් සියලුදෙනා මීට පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ අශ්‍රිතයින් බව ඔහු පැවසීය.

ඒ අනුව, අද දිනය තුළ ආසාදිතයින් 458 දෙනෙක් හඳුනාගෙන තිබේ.

Rate this item
(0 votes)