May 16, 2024

අකුරණ ග්‍රාම නිළධාරි වසම් දෙකකට සංචරණ සීමා පනවයි

November 24, 2020

අකුරණ  සෞඛ්‍ය  වෛද්‍ය නිළධාරි කොට්ඨාසයේ  වසම් කිහිපයක් තුලින් කොවිඩ් 19  වෛරසය ආසාදිත රෝගීන් වාර්තා වීම හේතුවෙන් අකුරණ කොට්ඨාසයේ  ග්‍රාම නිළධාරි වසම් දෙකක් සඳහා අද (24) වනදා සිට  සංචරණ සීමා පනවනු ලැබූ බව සෞඛ්‍ය අංශ කියයි.

අකුරණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් බුළුකොහොතැන්න, සහ තෙළඹුගහවත්ත යන ග්‍රාම නිළධාරි වසම් දෙක සඳහා සංචරණ සීමා පනවා ඇති බවත් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශය තුල සිටින කිසිවෙකුටත් ඉන් පිටවීමට හෝ පිට සිටින අයට සීමාවන් පනවා ඇති ප්‍රදේශයට ඇතුළු වීමට හෝ අවස්ථාවක් ලබා නොදෙන බවත් උසස් පොලිස් නිළධාරියෙකු කීය.

අකුරණ සෞඛ්‍ය වෛද්‍ය  නිළධාරි කොට්ඨාසය තුලින් මේ වන විට කොවිඩ් ආසාදිතයින් 38 දෙනෙකු වාර්තා වී ඇති අතර තවත් පිරිසකගේ පීසීආර් පරීක්ෂණ මේ වන විට සිදු කරනු ලැබ තිබේ.

අකුරණ කොට්ඨාසයේ කොවිඩ් 19 ව්‍යාප්ත වීම පාලනය කර ගැනීම සඳහා ජනතාවගේ සහාය ඉතාම අත්‍යාවශ්‍ය බැවින් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල වෙසෙන ජනතාව තම නිවෙස්වලින් පිට නොවී රැඳී සිට සෞඛ්‍ය  සහ ආරක්ෂක අංශවල උපදෙස් අනුගමනය කිරිම මගින් ඉතා ඉක්මනින් මෙය පාලනය කර ගත හැකි වනු ඇති බවත් සීමාවන් පනවා ඇති  ප්‍රදේශවල ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවත් අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාරි අබේසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

Rate this item
(0 votes)