April 26, 2024

බඩ ඉරිගු වවන්න රජයේ ඉඩම් අක්කර 5000ක් ඇවන්ගාඩ්ට - තවත් 35000කුත් ඉල්ලලා

November 23, 2020

මතභේදාත්මක චරිතයක් වූ නිස්සංක සේනාධිපති මහතා සභාපතිත්වය දරන ඇවන්ගාඩ් පුද්ගලික සමාගමට අනුබද්ධිත ඇවන් කෘෂි පුද්ගලික සමාගමට බඩ ඉරිඟු වැවීම සඳහා අක්කර 5000ක් රජයේ ඉඩම් ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා මහතා අනුමැතිය දී තිබේ.

මේ සඳහා වූ යෝජනාවලිය ඇවන්ගාඩ් සමාගම විසින් අග්‍රාමාත්‍යවරයාට ඉදිරිපත් කර ඇති අතර ඉන් බඩ ඉරිඟු වැවීම සදහා අක්කර 40,000ක් ඉල්ලා ඇතිමුත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්වරයා නියාමන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා ලබාදී තිබෙන්නේ අක්කර 5000ක් පමණි.

බඩ ඉරිගු ආනයනයේදී රජය පනවා ඇති දැඩි නීති රීති මත වාර්ෂිකව බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් ලක්ෂ 2 හිගයක් පවතී.

මේ ව්‍යාපෘතිය හරහා සමාජ සුභසාධනය මෙන්ම රැකියා අවස්ථා ලබා දීමට ද කෘෂිකර්ම අමාත්‍යාංශය හා ඇවන්ගාඩ් සමාගම අතර ඇතිවූ අවබෝධ ගිවිසුමේ ද එකඟ වී තිබේ.

Rate this item
(0 votes)
Last modified on Monday, 23 November 2020 12:05