April 27, 2024

නව අමාත්‍යංශ දෙකක්

November 22, 2020

නව අමාත්‍යාංශ දෙකක් පිහිටුවීම සහ අමාත්‍යාංශ කිහිපයක විෂයයන් සංශෝධනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභයා රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ‍ජනාධිපතිවරයා ඉතුක් සිකුරාදා (20) මෙම අතිවිශේ ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.
 
ගැසට් නිවේදනයට අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ලෙස නව කැබිනට් අමාත්‍ය ධුරයක් හඳුන්වා දී ඇති අතර පොලිස් දෙපාර්තමේන්තුව එම අමාත්‍යාංශය යටතට පත් කර ඇත. මින් පෙර පොලිස් දෙපාර්තමේන්තුව අභ්‍යන්තර ආරක්ෂාව, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා යටතේ තබා තිබිණ.
 
තාක්‍ෂණ අමාත්‍ය ලෙස තවත් නව අමාත්‍යාංශයක් ස්ථාපිත කර ඇති අතර සෙසු අමාත්‍යාංශ කිහිපයක විෂයයන්ද සිකුරාදා නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව සංශෝධනය වී තිබේ.


Rate this item
(0 votes)