April 26, 2024

එජාප කෘත්‍යාධිකාරීය අද රැස්වෙයි - ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයත් නම් කිරීමටත් සූදානමක්

November 23, 2020

එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය අද (23) දින නම් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වෙයි.

ඒ අනුව හෙට දින පෙරවරු 10.30ට කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිතයි.

කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරන සියලුම දෙනාට අද දින ඊට සහභාගී වන ලෙස දන්වා ඇත. 

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා ඉදිරි පෙළ ජ්‍යෙෂ්ඨයින් කිහිපදෙනෙකුගේ නම් යෝජනා වී තිබුණද එම පත්කිරීම් සඳහා මතභේදාත්මක තත්ත්වයක් පවතින බවත් මෙම තත්ත්වය මත වත්මන් පක්ෂ නායකත්වයටම එම මන්ත්‍රී ධූරය භාර ගන්නා ලෙස ඉල්ලීමක්ද සිදුව ඇත.

එමෙන්ම ලබන වසර වන විට පක්ෂයේ සිදුවන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ද අද දින යම් එකඟතාවන්ට පැමිණීමට හැකිවනු ඇති බවද වාර්තා විය. 

Rate this item
(0 votes)
Last modified on Monday, 23 November 2020 13:13